Gossips

ගම්බිම් බලා ගිය ජනතාවට අද සිට යළි කොළඹ එන්න ප්‍රවාහන පහසුකම්

උත්සව සමයේ ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ බස් සේවාවන් අද සිට ලබන 24 වනදා දක්වා ක්‍රියාත්මකයි.
ඒ අනුව, දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක සිටම ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළේ.
මේ අතර, ඇතැම් බස් රථ කොන්දොස්තරවරුන් නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන බවට ජාතික ගමනාගමන කොමිසමට පැමිණිලි ලැබී ඇති බව එහි සභාපති ඉංජිනේරු එච්.හේමචන්ද්‍ර පවසනවා.
ඒ අනුව ඔහු මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු අවස්ථාවක එවැනි වැඩි මුදලක් ලබා නොදෙන ලෙසයි.