Gossips

ගම්පොළ – උඩපළාත ප්‍රාදේශීය සභාවේ ගැටුමකින් සභාපති ඇතුළු දෙදෙනෙක් රෝහලේ

ගම්පොළ – උඩපළාත ප්‍රාදේශීය සභාවේ අද (12) පැවති මාසික සභා රැස්වීම අතරතුර ඇති වූ ගැටුමක් හේතුවෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ මෙම ගැටුමෙන් සභාපතිවරයා සහ තවත් එක් මන්ත්‍රීවරයෙකු රෝහල් ගත කර ඇති බවයි.
ප්‍රතිපාදන සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් සංවාදයක් ගැටුමට හේතු වී තිබෙනවා.
රෝහල් ගත කළ මන්ත්‍රීවරුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි ගම්පොළ රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.