Gossips

ගම්පොල රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

ගම්පොල – දොළොස්භාගේ මාර්ගයේ, වෙලගෙදර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාල කාන්තාව පුද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
බස් රථය බස් නැවතුම්පොළේ නැවැත්වීමෙන් අනතුරුව මෙම කාන්තාව ඉන් බැස, බස් රථය ඉදිරියෙන් මාර්ගය හරහා මාරුවීමට උත්සහ දරා තිබෙනවා.
එම අවස්ථාවේදී ඇය බස් රථයේ ඉදිරියේ ගැටී ඇති බව සදහන්.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව ගම්පොල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි.
ඊයේ (03) සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කුඩුගල ජනපදය, වැටකේදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.