ගම්පොල බන්ධනාගාරයේ රඳවා සිටි 23 හැවිරිදි තරුණයෙකු සිර මැදිරිය තුළ ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
පසුගියදා පුස්සැල්ලාව ප්රදේශයේදී අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකටයි.
පල්ලෙකැලේ බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අදාළ සැකකරු ගම්පොල බන්ධනාගාරයේ සිර මැදිරියක රඳවා තබා තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ එහිදී සැකකරු සිය ඇඳුම් උපයෝගී කර ගනිමින් සිරමැදිරිය තුළදීම ගෙළ වැළලාගෙන ඇති බවයි.
කෙසේ නමුත්, මෙම රැදවියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගම්පොළ රෝහල වෙත යොමු කළ බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.