පසුගිය ආණ්ඩු සමයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ "ගම්පෙරළිය" වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට වත්මන් ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
ගම්පෙරළිය වැඩසටහන යටතේ ඒ ඒ දිස්ත්‍රික්කවලට යොමු කළ මුදල් නතර කරන ලෙසට හා එම වැඩසටහන අත්හිටුවන ලෙසටයි ආණ්ඩුව අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව සඳහන්.
මේ මස අවසානය වන විට ගම්පෙරළිය වැඩසටහන මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතීන් අවසන් කරන ලෙස දැනුම් දී ඇති අතර, එලෙස අවසන් කිරීමට නොහැකි වන ව්‍යාපෘතීන්වල මුදල් යළි මහා භාණ්ඩාගාරය වෙත ලබා ගනු ඇති.
පසුගිය රජයේ අයවැය යෝජනාවක් ලෙස හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ගම්පෙරළිය සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කරනු ලැබුවා.