Gossips

ගම්පෙරළිය ගැන කතා කරන්න, නිදහස් පක්ෂය රැස්වෙයි – 15 කණ්ඩායම වර්ජනයේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (16) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිළ නිවසේදී මෙම රැස්වීම පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙහිදී පක්ෂ ප්‍රතිසංවිධාන ප්‍රගති සමාලෝචනය මෙන්ම ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන්වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මුහුණ පා ඇති ගැටළු පිළිබදව ද සාකච්ඡා කරනු ඇති බව ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන 15 දෙනාගේ කණ්ඩායම අද (16) පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගි නොවන බව එම කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න කියා සිටියා.