දිවයිනේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය කරමින් දියත් කෙරෙන ගම්පෙරළිය, කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ පළමු අදියර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය නගරයෙන් අද (15) ආරම්භ වුණා. 
ඒ යටතේ නිකවැරටිය –  කණුකැටිය – මුඩත්තව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. 
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මෙය රටේ ආර්ථිකය ගොඩනැගීමේ දෙවන අදියර බවයි. 
එමෙන්ම ගමේ ආර්ථිකය ශක්තිමත්වීම ද මේ හරහා සිදුවන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.



