දේශපාලන කරුණු මතු කරමින් රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න මඟ හැරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ 16යේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ ගම්පෙරළිය සහ කලියුගය පසුකර ආණ්ඩුව මේ වන විට යුගාන්තයට ළඟා වී ඇති බවයි.
මේ අතර, ගිං, නිල්වලා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කොමිසමක් පත් කළ යුතු බව ද ඔහ එහිදී කියා සිටියා.
