Gossips

ගම්පහ – විගොඩ සණස සභාපතිවරයා අත්අඩංගුවට

රුපියල් කෝටි 100 කට ආසන්න මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ගම්පහ – විගොඩ සණස සමිතියේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පෙරවරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පොලීසිය මගහරිමින් සිටි ඔහු ගම්පහ ප්‍රදේශයේ රථ ගාලකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රජා පොලිස් ඒකකය ලබාදුන් තොරතුරකට අනුවයි.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකාර සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.
විගොඩ සණස සමිතියේ මුදල් වංචනික අයුරින් විවිධ ව්‍යාපෘතිවල යෙදවීම සහ තැන්පතුකරුවන්ට මුදල් ලබා නොදීමට එරෙහිව එම තැන්පපතුකරුවන් පසුගියදා උද්ඝෝෂණයකද නිරතවුණා.