Gossips

ගම්පහ – මිරිස්වත්ත මාර්ගයේ වාහන ගමනාගමනය සීමා වෙයි

ගම්පහ – මිරිස්වත්ත මාර්ගයේ කාපට් ඇතිරීමේ කටයුතු හේතුවෙන් අද සහ හෙට දිනවල එම මාර්ගයේ ගමනාගමනය සීමා කෙරෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.
නුවර පාරේ බැලූම්මහර මංසන්ධියේ් සිට ඔරුතොට මාර්ගය හරහා ගම්පහ නගරයට හා ගම්පහ නගරයේ සිට ඔරුතොට මාර්ගයෙන් බැලූම්මහරට පැමිණිය හැකියි.
ඊට අමතරව නුවර පාරේ යක්කල මංසන්ධියේ සිට ගම්පහ නගරයටත්, ගම්පහ නගරයේ සිට නැවත යක්කල නගරයටත් පැමිණිය හැකි බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.