ගම්පහ – බෙම්මුල්ල ප්රදේශයේදී අද උදෑසන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වුණා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ කොළඹ කොටුවේ සිට අලුයම 4.30ට ට පොල්ගහවෙල බලා ධාවනය වූ දුම්රිය මෙලෙස කාර්මික දෝෂයකට ලක්වී ඇති බවයි.
මේ හේතුවෙන් ප්රධාන මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ තවත් දුම්රියක් පැය භාගයකට ප්රමාද වී ඇති අතර, අනෙකුත් දුම්රිය බාධාවකින් තොරව ධාවනය වන බව සඳහන්.
කෙසේ වෙතත්, මේ වනවිට කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය එම මාර්ගයෙන් ඉවත් කරමින් සිටින බවයි පාලක මැදිරිය සඳහන් කළේ.