Gossips

ගම්පහ ප්‍රදේශ රැසකට අද පැය 12ක් ජලය නැහැ

විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (28) පෙරවරු 9 සිට පැය 12ක කාලයක් ගම්පහ, ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
මේ අනුව පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශවලට සහ කැළණිය, වත්තල, බියගම, මහර, ජා-ඇල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.
එසේම බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපය, දොම්පේ ප්‍රාදේශීය සභාවට අයත් දෙකටන, නාමළුව, මල්වාන, කළුකොඳයාව සහ දොම්පේ ප්‍රදේශයට මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඉහළ යාගොඩ, පහළ යාගොඩ, පියරතන මාවත, වැලිවේරිය, රතුපස්වල යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ.