Gossips

ගම්පහ නිවසක මළ සිරුරක්

ගම්පහ – ඉහළගම ප්‍රදේශයේ නිවසක තිබී ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ සොරකම් නඩුවක් සදහා බන්ධනාගාර ගතව සිට නිදහස ලබා පැමිණි අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
අදාළ මළ සිරුරේ කැපුම් තුවාල පවතින බව පොලීසිය සදහන් කළා.
මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 29 ක්.
මෙම නිවසේම පදිංචි කාන්තාවක් විසිනුයි මෙම පුද්ගලයා මියගොස් සිටින බවට පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
මුලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ මියගොස් ඇත්තේ පැමිණිලිකාරියගේ පළමු විවාහයේ පුත්‍රයෙකු බවයි.
ඇය පසුගිය දින කිහිපයේ නිවසට නොගිය අතර ඊයේ නිවසට පැමිණි අවස්ථාවේ මෙම පුත්‍රයා කැපුම් තුවාල සහිතව වැටී සිටි බවට පොලිසියට ප්‍රකාශකර තිබෙනවා.
මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.