Gossips

ගම්පහ – නයිවල උද්‍යානයක කතුරු ඔංචිල්ලාවක් කඩා වැටී මව මරුට – දියණියට තුවාල

ගම්පහ – නයිවල ප්‍රදේශයේදී පිහිටි උද්‍යානයක කතුරු ඔංචිල්ලාවක් කඩා වැටී මව ජීවිතක්ෂයට පත්ව දියණිය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සදහන් කළේ අද පෙරවරුවේ කතුරු ඔංචිල්ලාවේ එක් රදවනයක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධියෙන් මියගිය මව සියඹලාපිටිය – කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි පොලීසිය සදහන් කළේ.
අනතුරින් තුවාල ලැබූ 13 හැවිරිදි දියණිය මේ වනවිට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.