අද උදෑසන 7ට ආරම්භ වූ පළාත් පාලන ඡන්ද විමසීමේදී මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 30ක් පමණ ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කර ඇති බව එහි තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළා.
මීට අමතරව අද උදෑසන 10 වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් සියයට 20ක් ද, මාතලේ සියයට 20ක් සහ අම්පාර දිස්ත්‍රික්කයේ සියයට 25ක් ඡන්දදායකයන් සිය ඡන්දය ප්‍රකාශ කර තිබූ බවයි තේරීම් භාර නිලධාරීන් සඳහන් කළේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අද වීරකැටිය – මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ මහා විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය භාවිත කර තිබුණා.
නිට්ටඹුව ශ්‍රී ක්‍ෂේත්‍රාරාම විහාරයේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග සිය ඡන්දය ප්‍රකාශ කළා.
