Gossips

ගම්පහ ගණිකා නිවාස 17 ක් වටලයි

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස 17 ක් වටලා එහි සිටි 59 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ දහවල් 12 සිට රාත්‍රි 8 දක්වා මෙම මෙහෙයුම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එහිදී එම ගණිකා නිවාස කළමනාකරණයේ යෙදුණු පුද්ගලයින් 8 දෙනෙකු සහ කාන්තාවන් 40 දෙනෙකු මෙන්ම තවත් පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් අවුරුදු 19 ත් 45 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර, සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.