ගම්පහ, කෙහෙල්බද්දර ප්රදේශයේදී අද (06) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණ දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
යතුරුපැදියකින් පැමිණ දෙදෙනාගෙන් එක් අයෙක් නිවස තුල රැඳී සිටි 65 හැවිරිදි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝගලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති බව සඳහන්.
