Gossips

ගම්පහ – කෙහෙල්බද්දර ඝාතනයට අනුබල දුන් දෙදෙනෙක් කොටු

පසුගිය පෙබරවාරි 06 වන දා ගම්පහ – කෙහෙල්බද්දර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් අනුව කැළණිය – දිප්පිටියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු මොවුන් අවුරුදු 23 සහ 30 යන වයස්වල පසුවන අය බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
ගම්පහ – කෙහෙල්බද්දර දී පසුගිය 06 වන දා සිදුවූ වෙඩි තැබීම ප්‍රදේශයේ පස් ව්‍යාපාරිකයන් අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් බවටයි පොලීසිය සැක පළ කළේ.
පසුගිය පෙබරවාරි 04 වන දා ද ගම්පහ – නැදගමුව – බෝගහහන්දිය ප්‍රදේශයේ දී ද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් ද චමින්ද හෙවත් චමී නැමැති 31 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියා.