Gossips

ගම්පහ අධිකරණය අවට සැක කටයුතු ලෙස හැසිරුණු 11 ක් අත්අඩංගුවට

ගම්පහ අධිකරණ සංකීර්ණය අවට සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 11 දෙනෙකු ගම්පහ පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකුට එරෙහිව පවතින නඩු විභාගයන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ අද පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඒ හේතුවෙන් අධිකරණ භූමිය අවට ආරක්ෂාව ද තර කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා පැමිණියේ ද යන්න පිළිබඳව ප්‍රශ්න කරමින් සිටින බව ගම්පහ පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.