Gossips

ගම්පහදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

ගම්පහ – නැදගමුව – බෝගස්ගහ හන්දිය ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් පසු ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කළ අතර, පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා.
මෙලෙස වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ 31 හැවිරිදි ගම්පහ – නැදගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර, ඔවුන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ගම්පහ පොලීසිය සඳහන් කළේ.