Gossips

ගමට සිරිකොත හෙට සිට

ජාත්‍යන්තර කාන්තා දිනයට සමාගමීව කොළඹ මහ නගර සභා භූමියේ පැවති වැඩසටහන් දෙකකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්වුණා.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, කොළඹ මහ නගර සභාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පැවැත්වූ, – ඇය සුරැකි ගමනකද- මැයෙන් වූ මහජන ප්‍රදර්ශනය ඊයේ විවෘත කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්.
මීට අමතරව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වූ විශේෂ වීඩියෝ දර්ශනයක් කොළඹ නගර සභා ගොඩනැගිලලේ ප්‍රක්ශේපනය කිරීමේ අවස්ථාවද අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබුවා.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක ගමට සිරිකොත වැඩසටහන හෙට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිත බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.