හදිසියේම නිවසකට පැමිණි වන අලියෙක් එම නිවසේ නවතා තිබූ යතුරු පැදියකට පහරදුන් පුවතක් අම්පාර ප්‍රදේශයෙන් අපට වාර්තා වූවා.
මෙලෙස නිවසක මිදුලේ නවතා තිබූ යතුරුපැදියකට දැඩි අලාභහානි සිදුකරමින් පහරදී ඇත්තේ ඊයේ (06) අලුයම නිර්වින්ධනය කර අල්ලාගත් වන අලියා බවටයි වාර්තා වන්නේ.
මෙම වන අලියා පසුගියදිනක අම්පාර මීගස්වැව ප්‍රදේශයේ නිවසකට කඩා වැදී එහි නතරකර තිබූ යතුරුපදියකට මෙලෙස හානි සිදුකර තිබෙනවා.
එම අවස්ථාව එහි සිටි අයෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගතකර තිබෙනවා.
කෙසේ වෙතත් මහජනතාවට සහ දේපල වලට හානි කරමින් අම්පාර, කරංගාව ප්‍රදේශයේ සැරිසැරූ මෙම වන අලියා ඊයේ (06) අලුයම නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිළධාරින් සමත්වූවා.
දින කිහිපයක සිට සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි මෙම සත්වයා අල්ලා ගැනීමට හැකිවී ඇත්තේ.
මෙම මෙහෙයුම සඳහා පශු වෛද්‍යයවරු දෙදෙනෙකු ඇතුලු වනජීවී නිලධාරීන් 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම වන අලියා හොරොව්පතාව අලි රැදවුම් මධ්‍යස්ථානය වෙත ගෙන යාමට කටයුතු කරන බව අම්පාර වනජීවී පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර පවසා සිටියා.
පසුගියදිනක වන අලියා නිවසක නතරකර තිබූ යතුරුපැදියට පහරදුන් අයුරු පහතින්.