Gossips

ගමකට පැමිණි වන අලියෙකු රක්ෂිතයට එලවා දැමූ මෙහෙයුම

හිඟුරක්ගොඩ කිරිමැටිය කහඹිලියාව ප්‍රදේශයට පැමිණ සිටි වන අලියෙකු සෝමාවතිය රක්ෂිතයට පළවාහැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ පවතින වියළි කාලගුණය හමුවේ සෝමාවතිය රක්ෂිතයේ සිට කිලෝමීටර් 20ක පමණ දුරක් ජලය සොයාගෙන මෙම වන අලියා පැමිණ ඇති බවයි.
පසුව වනජීවී නිලධාරීන් සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව වන අලියා සෝමාවතිය රක්ෂිතයට එලවා දමා තිබෙනවා.