Gossips

ගප්ටිල්ට කණ්ඩායමේ දොරටු විවර වෙද්දී ශකීබ්ට තරඟාවලිය අහිමිව යයි

ලබන 13 වනදා බංග්ලාදේශ කණ්ඩායම සමඟ ආරම්භ වන එක්දින තරඟාවලිය සඳහා නවසීලන්ත සංචිතයට ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් කැඳවා තිබෙනවා.
ආබාධයක් හේතුවෙන් ගප්ටිල් හට කෙටි කාලයක් ක්‍රීඩාපිටියෙන් ඉවත් වීමට සිදුවුණා.
ගප්ටිල්ගේ අබාධය සුව අතට පත්වීමෙන් අනතුරුවයි ඔහු යළි නවසීලන්ත සංචිතයට කැඳවා ඇත්තේ.
මේ අතර තරඟාවලිය වෙනුවෙන් නම් කර සිටි බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට මෙම තරඟාවලිය අහිමවී යන බවට තොරතුරු වාර්තා වනවා.
ඒ ඊයේ (08) පැවති බංග්ලාදේශ ප්‍රිමිය ලීග් විස්සයි විස්ස අවසන් තරඟය අතර තුර ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.
ශකීබ්ගේ දකුණු අතේ ඇඟිල්ලක් මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මෙවර බංග්ලාදේශ ප්‍රිමිය ලීග් තරඟාවලියේ වීරයා බවට පත්වුයේ ද ශකීබ් අල් හසන්.
බංග්ලාදේශය සහ නවසීලන්තය අතර එක්දින තරඟ 03ක් සහ ටෙස්ට් තරඟ 03ක් පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.