Gossips

ගන්දර බැංකුවක් කොල්ල කයි – වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල

මාතර – ගන්දර – පරවාහැර ප්‍රදේශයේ බැංකුවක් කොල්ලකෑමට පැමිණි පිරිසක් කළ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
ආයුධ සන්නද්ධව යතුරුපැදි දෙකකින් ෆුල්ෆේස් හෙල්මට් පැළඳ පැමිණි හතරදෙනෙකු අද පස්වරුවේ අදාළ බැංකුව කොල්ලකෑමෙන් අනතුරුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එහිදී බැංකුවේ තිබූ රුපියල් ලක්ෂ 3 කට ආසන්න මුදලක්ද සැකකරුවන් කොල්ල කා පලාගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව ඇතුළත් කෙරුණේ මාතර මහ රෝහලටයි.
මීට මාස දෙකකට පෙර මාතර නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලකට ඇතුලූවූ කොල්ලකරුවන් පිරිසක් එහි රන් භාණ්ඩ කොල්ලකා පලාගිය අතර සැකකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වුණා.