මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 44,556 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
පසුගිය නොවැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 3028 දෙනෙකු වාර්තා වී ඇති අතර, වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජනවාරි මාසයේදීයි.
එම සංඛ්‍යාව 7278 ක්.
බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 36 යි දශම 3 ක්.
