මේ වසරේ ගත වූ මාස 10 තුළ දිවයිනේ ඩෙංගු රෝගීන් 41,216 ක් වාර්තා වී තිබෙනවා.
ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එය සියයට 36 ක ප්‍රතිශතයක්.
එමෙන්ම, මහනුවර, රත්නපුර දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගින් වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ්.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟම ඩෙංගු රෝගය යළි ඉහළ යාමේ අවදානමක් පවතින බව ඩෙංගු ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළා.