වසරේ ගත වූ කාලය තුළ කැලෑ ගිනි තැබීමේ සිද්ධීන් 52 ක් වාර්තා වී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
ඉන් වැඩිම ගිනි තැබීම් වාර්තා වන්නේ් බදුල්ල දිස්ත්‍රික්කයෙන්.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන්, වලපනේ යන ප්‍රදේශ වලින් සහ අනුරාධපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ද කැළෑ ගිනි තැබීම් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළා.
මෙම කැලෑ ගිනි තැබීම් නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හෙක්ටයාර 252 ක ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
එවැනි සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ පසුගිය ජුනි මාසයේයි.
