පසුගිය මාස 18 ක කාලය තුළ උතුර පළාතේ සිදුකළ වැටලීම්වලදී කේරල ගංජා කිලෝග්‍රෑම් 2130 කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම වැටලීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
කේරළ ගංජා කිලෝග්‍රෑම් 110 කට ආසන්න ප්‍රමාණයක් සමග වැල්වැටිතුරෙයි – කුච්චම් පටුමගේදී පුද්ගලයන් තුන්දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත්තා.
පොලීිසිය පැවසුවේ මෙම ගංජා තොගය ලොරි රථයකට පටවමින් සිටි අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
අවුරුදු 19, 45 සහ 52 හැවිරිදි වියේ පසුවන ඔවුන් වැල්වැටිතුරෙයි සහ චුන්නාක්කම් යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මේ අතර, මන්නාරමේදී පසුගිය සිකුරාදා සිදුකළ තවත් වැටලීමකදී ද, කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබුණා.