මෙම වසරේ ජනවාරි මාසය තුල පමණක් ඩෙංගු රෝගීන් 7095 ක් වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
එමෙන්ම මෙම මාසයේ ගතවු දින කිහිපය තුල රෝගීන් 1921 දෙනෙකු වාර්තාවී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
පසුගිය වසරේදී හමුවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 185969 ක්.
ඉන් වැඩි පිරිසක් වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර ඒ 29 වන සතියේදීයි.
