Gossips

ගණුදෙනුකරුවන් මුදල් ඉල්ලා යළි වෝඩ් පෙදෙසේ ETI මුලස්ථානය වටලයි

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් අදත් (17) එම ආයතනයට පැමිණ වෝඩ් පෙදෙස මාර්ගය අවහිර කරමින් තමන් තැන්පත් කළ මුදල් යළි ඉල්ලා විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඊ.ටී.අයි. ආයතනය සිය ගණුදෙනුකරුවන්ගේ ඉතිරි කිරීම්වලට අදාළව මුදල් ගෙවීම පැහැර හැරීම පිළිබඳව මීට පෙර ද අවස්ථා රැසකදී වාර්තා වුණා.
කෙසේ වෙතත්, සෑම අවස්ථාවකදීම ගණුදෙනුකරුවන් මඟ හැර සිටීමටයි ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ බලධාරීන් කටයුතු කළේ.
තැන්පතු ලබා ගැනීමේ අරමුණින් පැමිණ කිසිදු මුදලක් හිමි නොවූ ඊ.ටී.අයි. ගණුදෙනුකරුවන් සිය විරෝධය පළ කරමින් කියා සිටින්නේ තමන්ට අහිමි වූ මුදල් ලබාදෙන ලෙසත්, එහි අධ්‍යක්ෂවරුන් සිව් දෙනා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.
මීට පෙර අවස්ථාවලදී ඔවුන් විරෝධතාවයේ නිරතවූ අයුරු පහතින්.