Gossips

ගණිත ඇගයීම් ගාස්තු පහළ හෙළා නැති බව විභාග දෙපාර්තමේන්තුව කියයි

සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය පිළිතුරු පත්‍ර ඇගයීමේ ගාස්තු කිසිදු ආකාරයකින් පහළ දැමීමක් සිදුකර නොමැති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත කියා සිටියේ පසුගිය වසරේ ගෙවූ මුදලම මෙවරත් ඇගයීම් සිදුකරන ගුරුවරුන්ට ගෙවීමට තීරණය කර ඇති බවයි.
සාමාන්‍ය පෙළ ගණිතය පිළිතුරු පත්‍ර ඇගයීමේ ගාස්තු අඩු කර ඇති බැවින්, ඇගයීම් කටයුතුවලට සහභාගිවීම පිළිබඳව තීරණයක් ගැනිමට සිදුවන බව ලංකා ගුරු සේවා සංගමය පෙරේදා ප්‍රකාශ කළා.
ඔවුන් කියා සිටියේ සාමාන්‍ය පෙළ ගණිතය දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා ගෙවූ රුපියල් 90 ක මුදල 70 දක්වා අඩුකර ඇති බවයි.
කෙසේ වෙතත් මුද්‍රණ දෝෂයක් නිසා රුපියල් 90, හැත්තෑව ලෙස සටහන් වී ඇති බව විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.
ඒ අනුව අප යළි කළ විමසීමකදී ගුරු සේවා සංගමය ප්‍රකාශ කළේ නියමිත ගෙවීම් සිදුකරන්නේ නම් පිළිතුරු පත් ඇගයීමේ කටයුතු පිළිබඳ ගැටළුවක් නොමැති බවයි.