Gossips

ගණිකා නිවාස 03ක් වටලා 17ක් පොලිස් දැලේ

සම්භාහන මධ්‍යස්ථානය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 03ක් වැටලීමෙන් පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු සහ ගණිකා සේවයේ නිරතවූ කාන්තාවන්.
කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තු මත හබරණ පොලිසිය විසින් ඊයේ (23) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
හබරණ – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ සහ පොළොන්නරුව මාර්ගයේ ස්ථාන තුකන සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගොස් ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් හබරණ, පොළොන්නරුව, මාතලේ, හිඟුරක්ගොඩ, පුත්තලම සහ ගල්නෑව ප්‍රදේශවල පදිංචිකාරිණියන් බව සඳහන්.
එම පිරිස අද (24) දින කැකිරාව හා හිඟුරක්ගොඩ අධිකරණ වෙත ඉදිපත් කළ බව හබරණ පොලිසිය පැවසුවා.