Gossips

ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 5 ක් අත්අඩංගුවට

රාජගිරිය පරණ කෝට්ටේ පාර ප්‍රදේශයේ ආයුරේවේද මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිකඩ පොලිසියට ලැබුනු තොරතුරකට අනුව ඊයේ සවස වැටලීම සිදුකළේ අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුවයි.
එහිදී ගණිකා නිවාසයක් කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් එක් සැකකාරියක් සහ ගණිකා නිවාසය පවත්වාගෙන යාමට සහය වීම සම්බන්ධයෙන් කාන්තාවන් 4 ක් අත්අඩංගුවට ගැනුනා.
වයස අවුරුදු 24, 25, 26 සහ 29 වයස්වල පසුවන ඔවුන් සූරියවැව, කඳාන, වෙල්ගම සහ මඩකලපුව ප්‍රදේශවල පදිංචිකාරියන්.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිකඩ පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.