ගල්කිස්ස බාන්ස් ඇවනිව් ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කාන්තාවක් ද මේ අතර වන බවයි පොලිසිය කියාසිටියේ.
අවුරුදු 28, 29, 32 සහ 34 වයස්වල පසුවන කාන්තාවන් කලුතර අලුත්ගම සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
