මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘‘ගජ’’ සුළි කුණාටුව හේතුවෙන් උතුර, උතුරුමැද පළාත්වල සහ පුත්තලම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල හෙට සහ අනිද්දා දිනවල සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
යාපනය අර්ධද්වීපය හරහා පැයට කිලෝමීටර 100 ක් දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
එමෙන්ම උතුර පළාතේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ද බලාපොරොත්තු විය හැකියි.
