Gossips

ගජ සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරට සහ ප්‍රදේශ කිහිපයකට තද වැසි සමග සුළං

ගජ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 6 ක කාලය තුළ උතුරු පළාතේ, මෙන්ම පුත්තලම සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වල වැසි සහ සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම, යාපනය අර්ධද්වීපය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල මිලිමීටර් 100ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එසේම, අනුරාධපුර, මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්කවල මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.