Gossips

ගජ සුළි කුණාටුවෙන් ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට බලපෑම්

ගජ සුළි කුණාටුව හමා ආ නැගෙනහිර ඉන්දියාවේ ජීවිත හානි සංඛ්‍යාව 33 ඉක්මවා ඇති අතර, සිදුව ඇති දේපළ හානිය තවදුරටත් ඇගයීමට ලක් කරන බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළා.
පැයට කිලෝමීටර් 120කට වැඩි වේගයකින් ගජ සුළි කුණාටුව තමිල්නාඩු වෙරළට ඇතුළු වූයේ සිකුරාදා දිනයේයි.
සුළි සුළඟින් දහස් ගණනක් ගස් ඉදිරී වැටී ඇති අතර නිවාස රැසකට ද හානි සිදුවුණා.
සුළි සුළඟින් අවතැන් වූ එක්ලක්ෂ 77,500ක් තාවකාලික කඳවුරු 351ක රදවා ඇති බවයි තමිල්නාඩු වාර්තා සඳහන් කළේ.