Gossips

‘‘ගජ’’ නිසා තවමත් බලපෑම්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගජ සුළිකුණාටුව හේතුවෙන් උතුරු පළාතේ මෙන්ම පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට බලපා ඇති වැසි සහ සුළං තත්වය ඉදිරි පැය 06ක කාලය තුල තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම යාපනය,මන්නාරම ,කිලිනොච්චි පුත්තලම දිස්ත්‍රික්වලට පැයට කිලෝමීටර 80 ක් පමණ වන ඉතා තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එසේම, යාපනය, මන්නාරම , කිලිනොච්චි , සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි අතර අනුරාධපුර ,මුලතිව් ,සහ වවුනියාව ප්‍රදේශවලට ද තද වැසි අපේක්ෂා කෙරෙනවා.
පවතින තත්ත්වය හේතුවෙන් යාපනය, මන්නාරම, වෙරළාසන්නයේ ජීවත් වන ජනතාව ඉවත් කිරීමේ කටයුතු සිදුකළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.
මේ අතර, ගජ සුළි කුණාටුව හේතුවෙන් උතුර පළාතේ සියලූ‍ම පාසල් වලට අද දිනයේ නිවාඩු ලබා දීමට පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කළා.
අදට නියමිත වාර විභාග කටයුතු ද කල් දමා තිබෙනවා.
එමෙන්ම මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 100 ඉක්මවූ ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බැවින් ඒ පිලිබදව ධිවරයින් සැලකිලිමත් වන ලෙසයි කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.