ගජ චණ්ඩ මාරුතය හේතුවෙන් අද දිනයේ උතුරු පළාතේ සියලූම පාසල් වසා දැමීමට තීරණය කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කළා.
එමගින් යාපනය ඇතුළු උතුරේ ප්‍රදේශ කිහිපයකට බලපෑම් ඇතිවනු ඇති බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇත්තේ.
උතුර පළාතේ පාසල්වල මේ දිනවල වාර විභාග කටයුතු පැවැත්වෙන අතර අද දිනයේ එම කටයුතු ද අත්හිටුවා ඇති බව පළාත් අධ්‍යාපන කාර්යාලය කියා සිටියා.
