Gossips

‘‘ගජ’’ උතුරට

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගජ සුළි කුණාටුව අද පස්වරු 2.30 පමණ වනවිට කන්කසන්තුරේට සිට කිලෝමීටර් 430 ක් පමණ ඊසාන දෙසින් ස්ථානගත වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය ඉදිරි පැය 6 තුළදී බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති.
මේ හේතුවෙන් යාපනය අර්ධද්වීපය හරහා පැයට කිලෝමීටර් 100 දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං අද දිනයේත් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.