නිරිත දිග බෙංගාල බොක්කේ ක්‍රියාත්මකව පැවති ‘‘ගජ’’ සුළි කුණාටුව තමිල්නාඩු සහ පුදුචේරි වෙරළ තීරයෙන් අද අලූයම ඉන්දියාවට ඇතුළු වුණා.
කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ උතුර සහ නැගෙනහිර මෙන්ම, පුත්තලම අවට මුහුදේ ධීවර සහ නාවික කටයුතු තවමත් අවදානම් බවයි.
එසේම, තවදුරටත් උතුර පළාතට තද වැසි අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.
