ඉදිරි දින කිහිපය තුළ දීත් පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලට නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
මධ්‍යම බෙංගාලබොක්ක ප්‍රදේශයේ පවතින "ගජා" සුළි කුණාටුව කන්කසන්තුරේ සිට කිලෝමීටර් 700ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව පවතින අත, එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවටයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එමෙන්ම උතුර සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවලට සුළගේ වේගය පැයට කිලෝමීටර් 70, 80 දක්වා වැඩි විය හැකියි.