Gossips

‘‘ගජා’’ සුළි කුණාටුව ගැන අවධානයෙන් සිටින්නැයි කාලගුණයෙන් උපදෙස්

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී කන්කසන්තුරය සිට කිලෝමීටර 1040 ක් පමණ ඊසාන දෙසින් ස්ථාන ගතවී තිබෙනවා.
මෙම සුළි කුණාටුව ‘‘ගජා’’ ලෙස නම් කර ඇති අතර, එය ඉදිරි පැය 24 තුළ බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකියි.
ඒ හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.