Gossips

ගජමුතු සමඟ හමුදාවේ දෙදෙනෙකු සහ සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට

ගජමුතු 3ක් අලෙවි කිරීමට උත්සාහ කළ යුද හමුදා සෙබලූන් දෙදෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකා භටයෙකු දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද දහවල් දංකොටුව නගරයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයින් දෙදෙනා ගිරිඋල්ල සහ මොරවැව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සිවිල් ආරක්ෂක සාමාජිකයා මොරවැව – මහදිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.