Gossips

ගජමුතු සමඟ සිව්දෙනෙක් පොලිස් දැලේ

මහනුවර – වැවරවුම මහමායා බාලිකා විදුහල අසලදී සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසලදී මිල කළ නොහැකි වටිනාකමකින් යුත් ගජමුතු 11ක් සමඟ පුද්ගලයන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (09) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
උපායදූතයෙකු මගින් මෙම ගජමුතු මිලදී ගැනීමට පැමිණි මුවාවෙන් වැටලීම සිදුකර තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 27ත් 40ත් අතර වයස්වල පසුවන බදුල්ල, මොණරාගල, අම්පාර සහ වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.