Gossips

ගජමුතු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ් (ඡායාරූප)

රුපියල් ලක්ෂ 70ක පමණ වටිනාකමින් යුත් ගජමුතු දෙකක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත තර තිබෙනවා.
ඒ, සැකකරුවන් ඊයේ දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
යාල වනෝද්‍යානයේ සිටි ඇතෙකු ඝාතනය කර ලබා ගත් ගජමුතු රුපියල් ලක්ෂ 70කට අලෙවි කිරීමට සූදානම්ව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ දඹුල්ල ප්‍රදේශයේදියි.

(ඡායාරූප – කාංචන ආරියදාස)