Gossips

ගජමුතු දෙකක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් ලක්ෂ 70ක පමණ වටිනාකමින් යුත් ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ බුත්තල ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු දඹුල්ල නගරයේදී ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයේ සිටි ඇතෙකු ඝාතනය කර මෙම ගජමුතු ලබාගෙන ඇති බවටයි.

(ඡායාරූප – කාංචන ආරියදාස)