Gossips

ගජමුතු අලෙවි කිරිමට සුදානම් වු තුන්දෙනෙකු බේරුවලදී අත්අඩංගුවට (ඡායාරූප)

බේරුවල නගරයේදී ගජමුතු 13 ක් සහිත අත්පළදනාවක් අලෙවි කිරිමට සුදානම් වු තුන්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී මොවුන් තිදෙනා ගජමුතු සහිත අත්පළදනාව රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අලෙවි කිරීමට සුදානම්ව සිටි බව සදහන්.
එහිදී උපාය දුතයෙකු යොදවා එය මිළදී ගැනීමේදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කලේ.
සැකකරුවන් අවුරුදු 27, 33, 40 යන වයස්වල පසුවන බේරුවල ප්‍රදේශයේම පදිංචිකරුවන්.

ඡායාරූප – අලුත්ගම තුසිත කුමාර