මාදු ගඟෙන් වටවූ දූපතක් වන මාදුවේ දුපතේ ජනතාවට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බලපිටිය, ගොඩගෙදර සිට මාදුව තොටුපොල වෙත මාදු ගඟ හරහා ඡන්ද පෙට්ටි රැගෙන යෑම අද (09) සිදුවුණා.
මැතිවරණ රාජකාරියේ යෙදෙන නිලධාරින් සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මැද මෙම ඡන්ද පෙට්ටිය මෝටර් බෝට්ටුවක් මගින් රැගෙන ගිය බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අක්කර 150ක ප්‍රමාණයකින් යුතු මාදු ගඟෙන් වටවූ දුපත් හැට හතරෙන් ලොකුම දුපත වන මාදුව දුපතේ වෙසෙන ජනගහනය හත්සිය පනහක්.
කෙසේ නමුත් ඔවුන් අතරින් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ ඡන්දදායකයින් හාරසිය අනු නවයක් පමණක් බවයි වාර්තාවන්නේ .
ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා මාදුව කනිටු විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා.